Wednesday, April 3, 2019

💥 *Hapo - win $1,000,000* 💥 

🔥 *Best LOLs and WTF GIFs* 🔥 
🎉 *TikTok + Instagram* 🎉
💵 *Make money online*💵

Discuss any topics 💵🤩😱💋🔞 that interests you with friends around the word.

Download and make money online now!!!

👇👇👇👇👇

Sunday, December 23, 2018

කවුද මේ Quantity Surveyors 🤔

කවුද මේ Quantity Surveyor එහෙමත් නැත්තම් ප්‍රමාණ සමික්ෂක ?

Quantity Surveyor කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් පිරිවැය සහ ඒ ආශ්‍රිත ගිවිසුම් ආදිය ගැන විශේෂඥ දැනුමක් සහිත වෘත්තිකයින්ටයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න සක්‍රිය පිරිවැය කළමනාකරුවෙක්, තක්සේරු කරන්නෙක්, පිරිවැය පිලිබඳ ඉංජිනේරුවෙක්, පිරිවැය විශ්ලේෂකයෙක්, ව්‍යාපෘති සම්බන්දිකාරක කෙනෙක්, ව්‍යාපෘති පිරිවැය පාලකයෙක්, පිරිවැය සැලසුම් කරන්නෙක් වැනි ආකාර ගණනාවකින් සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශාල වපසරියක් මේ  ප්‍රමාණ සමික්ෂක විසින් ආවරණය කරනු ලබනවා.

සේවාලාභියාගේ ශක්‍යතාවයට අනුව හැකි උපරිම ගුණාත්මක බාවයකින් , උපරිම විනිවිද බාවයකින් , වංචාවකින් තොරව ඉදිකිරීම් කටයුතු කිරීම ගැන වගකීම අරන් කටයුතු කරන්නේ මෙන්න මේ Quantity Surveyor එහෙමත් නැත්තම් ප්‍රමාණ සමික්ෂකයි.

ඉතින් Quantity Surveyor කියන්නේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේම ඉන්න සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන පුළුල් අවබෝධයක් තියෙන , සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්.

ඉදිකිරීම් කටයුත්තක් සිදුකරන්නේ කොතනද එතන ප්‍රමාණ සමික්ෂක කෙනෙකුගේ අවශ්‍යතාවය තියෙනවා.

උදාහරණයක් විදිහට ලක්ෂ 25ක පමණ ඉදිකිරීම් කටයුත්තක් ලක්ෂ 35ක් වැය කරලවත් අවසන් කර ගන්න බැරි වෙන්නේ මෙන්න මේ ප්‍රමාණ සමික්ෂකගේ සේවය ලබා නොගත්තොත් තමයි. මොකද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හොර බොරු වංචා වලට Quantity Surveyor ගෙන් ඉඩක් ලැබෙන්නේ නෑ.

මේ හේතුන් නිසා Quantity Surveyor කෙනෙක්ට විදෙස්ගතවත් ඉහළ වැටුප් සමග හොඳ රැකියා ඉල්ලුමක් තියෙනවා.

සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රමාණ සමික්ෂකගේ සුවිශාල කාර්යභාරයන්ගෙන් කීපයක් උදාහරණ විදිහට පහත ආකාරයෙන් දක්වන්න පුළුවන්.

1) ඕනෑම ඉදිකිරීම් කටයුත්තක මුල්‍ය කළමනාකරණය.
2) ව්‍යාපෘති කළමනාකරණය.
3) ව්‍යාපෘතිය නියමිත කාලය තුල අවසන් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම.
4) නිශ්චිත අයවැය සීමාවක් තුල ව්‍යපෘතිය අවසන් කිරීමට කටයුතු කිරීම.
5) උපරිම ගුණාත්මක බාවයකින් හා විනිවිද බාවයකින් ව්‍යාපෘතිය සිදුකිරීම.
6) ව්‍යාපෘතියට අදාල පාර්ශව අතර ඇතිවන ආරවුල් නිරාකරණය කිරීම.
7) කොන්ත්‍රාත්තු සම්බන්ද උපදෙස් සැපයීම.